ලංකාව පුරා විසිරී ඇති ලිට්රෝ සමාගමේ මෙහෙයුම් පද්ධතිය .


ශ්‍රී ලංකාවේ එල්.පී ගෑස් සපයන ප්‍රමුඛතම සමාගමක් වශයෙන් ලිට්රෝ සමාගම හඳුන්වන්න පුළුවන්.සමස්ත ගෑස් පාරිභෝජකයන්ගෙන් 75% කටත් වඩා අධික ප්‍රමාණයක ගෑස් ඉල්ලුම වෙනුවෙන් සැපයුම ලබාදෙන එකම ආයතනය තමයි ලිට්රෝ සමාගම කියන්නේ. ඉතින් එවැනි අති විශාල සේවයක් සිදු කරන ලිට්රෝ සමාගමේ පැතිරී ඇති මෙහෙයුම් පද්ධතිය පිළිබඳව කියන්න තමයි මේ සූදානම.


ලිට්රෝ  සමාගම  සේවකයන් 25කින් යුක්ත කාර්ය මණ්ඩලයක් සමග තමයි මේ මෙහෙයුම් ජාලාව ක්‍රියාත්මක වෙන්නේ.ලිට්රෝ  සමාගමේ ප්‍රධාන ගබඩා සහ පිරවිම් මධ්‍යස්ථාන පහක් පවතින අතර මෙහිදී ගෑස් පිරවීම සහ ගබඩා කිරීම සිදුවේ. මීට අමතරව ගෑස් බෙදා හැරීමේ මධ්‍යස්ථාන 1500ක් පමණ ක්‍රියාත්මක වන අතර බෙදාහැරීම සඳහා භාවිතා වන රථ වාහන 350කට වඩා අධික ප්‍රමාණයක් ඇත. ඊට අමතරව ලිට්රෝ සමාගම සෘජු රැකියා 2000කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇති අතර වක්‍ර රැකියා 1500ක අතර ප්‍රමාණයක් බිහිකර ඇත.මේ වන විට බෙදා හරින අලෙවි නියෝජිත ජාල 14,000 ක් පමණ ප්‍රමාණයක් ස්ථාපිත කර තිබේ.


මෑතකදී ලිට්රෝ සමාගම මාබිම ප්‍රදේශයේදී නව ගෑස් පර්යන්තයක්ද විවෘත කළ අතර මේ අති දැවැන්ත මෙහෙයුම් ජාලාව නිසා ඉතාමත් ඉක්මනින් පාරිභෝගිකයන්ට ලිට්රෝ  ගෑස් ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.

ලංකාව පුරා විසිරී ඇති ලිට්රෝ සමාගමේ මෙහෙයුම් පද්ධතිය . ලංකාව පුරා විසිරී ඇති ලිට්රෝ  සමාගමේ මෙහෙයුම් පද්ධතිය . Reviewed by News Hub on Monday, October 07, 2024 Rating: 5

No comments:

Powered by Blogger.