අපේ රටේ නැඟීගෙන එන ව්‍යාපාරවලට ලිට්‍රෝ ගෑස් දක්වන සහය වැඩි වේ.
රටක් දියුණු වෙනවා කියන්නෙ රටක් ආර්ථික ස්ථාවරත්වයට පත් වෙනවා කියන එක. පසුගිය කාලයේ ලංකාවේ ඇතිවූ දරුණු ආර්ථික අර්බුධය හමුවේ රටේ ස්ථාවරය දැවැන්ත කම්පනයකට මුහුණ දුන් අයුරු සහ රටේ ජනතාව දැඩි පීඩනයකට ගොදුරු වූ අකාරය අප සැම හොඳින් අත්දුටුවා. රටේ ආර්ථික අවපාතය හමුවේ මේ සියලු දුෂ්කරතා දරාගනිමින් නොසැලී ඉදිරියට ආ දේශීය ව්‍යවසායකයින් සහ දේශීය ව්‍යාපාර හිමියන් හේතුකොට ගෙන මේ වන විට රට යම් ආර්ථික ස්ථාවරත්වයකට ළඟා වෙමින් සිටීම ප්‍රශංසනීයයි. මෙම දේශීය ආර්ථික වර්ධනයට උරදෙමින් සැලකිය යුතු මෙහෙයක් රටට ඉටු කළ දේශීය ව්‍යාපරයන් බොහෝමයක් වෙනුවෙන් ලිට්රෝ සමාගම ද දායක්ත්වය දැක්වූවා. මහ ජනතාව වෙනුවෙන් ලිට්රෝ ආයතනය LP ගෑස් දේශීය වෙළඳපොළ තුළ පූළුල් ලෙස ව්‍යාප්ත කිරීමට මහත් පරිශ්‍රමයක් දැරූ අතර මේ වන විට ඒ සඳහා සැලකිය යුතු ආයෝජනයක් සිදු කොට තිබෙනවා. ප්‍රජාවට ගෑස් සිලින්ඩර පමණක් ලබා නොදී පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස LP ගෑස් භාවිතයේ ප්‍රතිලාභ ගැන අවබෝධයක් ලබාදීමට ද ලිට්රෝ සමාගම කටයුතු කරනවා.
ලිට්රෝ ගෑස් සමාගම යනු ජනතාවගේ ආහාර පිසීම සඳහා පමණක් ම කැපවුණු ආයතනයක් නොවේ දේශීය ආර්ථිකයට මනා සේ කැපවුණු, දැවැන්ත ආර්ථික සහයෝගයක් ලබාදෙන සංචාරක ක්ෂේත්‍රය, හෝටල් කර්මාන්තය, සෙරමික් හා ටයිල් කර්මාන්තය, රබර් සහ ප්ලාස්ටික් කර්මාන්තය, බිස්කට් සහ බේකරි කර්මාන්තය පමණක් නොව කෘෂිකර්මාන්තයට ද රටේ ඇඟලුම් ක්ෂේත්‍රයට ද ප්‍රබල දායකත්වයක් ලබාදෙන්නක්. එසේම ආරෝග්‍යාශාලා සහ ආදාහනාගාර සේවා සඳහා ගෑස් යනු අත්‍යවශ්‍ය දෙයක්. ගුවන්තොටුපළ සහ වරාය යන අංශවලට ද එල්.පී ගෑස් සත්‍යවශ්‍ය සේවයකි. මේ නිසා එල්.පී ගෑස් සහ රටේ ආර්ථික සංවර්ධනය කෙරෙහි සුවිශේෂී සහ සම්බන්ධයක් තිබේ. ලිට්රෝ සමාගම මෙවනි භාරදූර කටයුතු සම්බන්ධව වගකීමෙන් සිය මෙහෙය ඉටු කරමින් පවතී. ලිට්රෝ ගෑස් සිලින්ඩර ලබාදීම පමණක් නොසෑහී ගෑස් යනු විශ්වාසනිය සහ පරිසර හිතකාමී බලශක්ති ප්‍රභවයක් ලෙස ජනතාවට අවබෝධ කරදීම ලිට්රෝ සමාගමේ තවත් අරමුණක්.
විශේෂයෙන්ම ආහාරපාන අලෙවිය සම්බන්ධයෙන් ග්‍රාමියව මෙන්ම නාගරිකව ද මේ දිනවල පැතිර යන සීඝ්‍ර ජනප්‍රියත්වයක් ඇති හෙයින් සුළු පරිමාණයේ ව්‍යපාරිකයන්ගෙ ලිට්රෝ ගෑස් ඉල්ලුම ද බොහෝ සෙයින් වැඩි වී තිබෙනවා. එසේම මේ කාලයේ සංචාරක කරමාන්තයේ ඇති ප්‍රගතිශීලීත්වය නිසා ඒ සම්බන්ද හෝටල් කර්මාන්ත උදෙසා ද ලිට්රෝ ගෑස් ඉල්ලුම වැඩි වී තිබීම අගය කළ හැකියි.

No comments: